අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනිවාර්යෙන් පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා.
අද කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.
එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි ගිවිසුමක් මේ මොහොතේ අත්සන් කිරීමට ආණ්ඩුවට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් එය රටට විශාල හානියක් බවයි.