News Line| Off Air
Generic placeholder image

Nov
6

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

491 Views


ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉකුත් වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 දෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ඊයේ දින වන විට රෝගීන් 64,299 ක් වාර්තා වී තිබෙනවා.

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර දිවයින පුරා සීග්‍රයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවට ඩෙංගු මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති බව සදහන්.

මේ අතර, බස්නාහිර පළාතේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සිට යාපනයට පැමිණෙන දුම්රිය මගින් යාපනයේ වැසියන්ට ඩෙංගු රෝගය බෝවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

ඇතැම් දුම්රිය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියට හිතකර පරිසර තත්ත්වයන් නොතිබීම ඊට හේතුව වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post