News Line| Off Air
Generic placeholder image

Nov
6

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත ජනපති අතට

467 Views


ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත ජනපති අතට

තුන් ලෝ වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වන බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත කොට සකසන ලද ථෙරවාද ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත ඊයේ අදාල කමිටුවේ විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතා භාර දී තිබෙන බව වාර්තා වෙනවා.

මෙම වසර මුලදී ජනපතිවරයා විසින් ලෝක පුජිත ත්‍රිපිටකය අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කල අතර ඉන්පසු
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරියට භාරදුන් අතර එහිදී ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සදහා අයදුම්පතක් සකස් කිරීම සදහා වෙන කණ්ඩායමක් පත් කරන ලදී.

ඒ අනුව මහාචාර්ය මැදගම්පිටිය විජිත ධම්ම හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් සැකසුනු මෙම අයදුම්පත ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post