පසුගිය අගහරුවාදා (05) ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි 31 වන වියට පා තැබුවා.
සිය 31 වන උපන්දිනය ඔහුගේ බිරිද අනුෂ්කා ෂර්මා සමග බූතානයේදී සමරනු ලැබුවා.
විරාත් කෝලිගේ උපන්දිනයට ඔහුගේ රසිකයින් සහ කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සුබ පැතුම් එක් කළා.
නමුත් ඊට ප‍්‍රතිචාර දැක්වීම සදහා ඔහු යම් කාලයක් ගත් බව සදහන්.
ඉන්දියාවේ තුන් ඉරියව් කී‍්‍රඩක යුවරාජ් සිං විරාත් සමග ගත් ඡායාරූපයක් ට්විටර් ඔස්සේ පළ කරමින් ඔහුට සුභ පැතුම් එක්කර තිබෙන අතර කෝලි ද එයට ඔබට ගොඩක් ආදරෙයි යැයි ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.
නොවැම්බර් 14 පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සදහා ඉන්දියාව වෙනුවෙන් කෝලි නායකත්වය දරනවා.
අවසන් තරගය නොවැම්බර් 22 කොල්කටා – ඊඩ්න් ගාඩ්න්හි පැවැත්වීමට නියමිතයි.