මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මූර්තියෙන් මුදා හැරිම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛිය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු කිරිමට නියමිතව ඇත.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කදු වැටියේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ ලග්ගල, පලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය ඉදිකර ඇති බව සඳහන්.
මෙහි සම්පූර්ණ ධාරිතාව ඝණ මීටර් දස ලක්ෂ 248ක් වන අතර ජලාශයේ ප්‍රධාන වේල්ලේ දිග මිටර් 618ක් සහ උස මීටර් 68ක් වෙයි.
කළු ගඟ පහල නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සඳහා කළු ගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙනගොස් සංවර්ධනය කරන ලද අක්කර 2000ක පමණ ප්‍රමාණයක් තිරසරව වගා කිරිම සඳහා අවශ්‍ය කරන ජලය මෙමඟින් සපයනු ලබයි.
මෙහි අතිරිත්ත ජල ප්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ කිලෝමීටර් 09ක් වූ ඇළ මාර්ගයක් ඔස්සේයි.