News Line| Off Air
Generic placeholder image

Nov
7

නොවැම්බර් 11 විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

592 Views


නොවැම්බර් 11 විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ස්ථාවර නියෝග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායක ගරු කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබූ අතර ඒ අනුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිතව ඇත.

මෙයට අමතරව නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වනදා පැවැත්වීමෙන් පසු දෙසැම්බර් 03 වනදා දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව මීට පෙරදී තීන්දු තිබුණද ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා විවාදයට ගත යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටිම නිසා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යෝජනාව වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post