ජනතාවට සහන සැලසීම සඳහා අද සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් 13 දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
ග්‍රෑම් 55කට වැඩි බිත්තරයක තොග මිල රුපියල් දාහතක් බවත්, මේ මස අවසන් වනවිට ග්‍රෑම් 55කට වැඩි බරින් යුත් බිත්තරයක මිල රුපියල් දාහතරක් දක්වා පහත දැමීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.
මේ වනවිට බිත්තර ඉල්ලුම ඉහළ යමින් තිබෙන අතර, මේ නිසා ජනතාවට සහන සැලසීම සඳහා බිත්තර මිල පහළ දැමීමට කටයුතු කරන බවත් බිත්තරයක සිල්ලර මිල රුපියල් විසිදෙක දක්වා ඉහළ ගිය බවත්, එහෙත් තොග මිල පහත දැමීමත් සමග සිල්ලර මිල රුපියල් 20 දක්වා අඩු වී තිබෙන බව වාර්තා වෙනවා.