නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව එතුමා සදහන් කරන්නේ රටේ ජනතාව රැවටීමට තමන් කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත් පවුල්වාදය නැති කිරීමට ජනතාවට අවස්ථාවට ඇත්තේ ලබන 16 වෙනිදා බවත් එතුමා සදහන් කරනවා.
යුක්තිගරුක සමාජයක් බිහිකරන බවත්, ආගමික අන්තවාදීන් තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා. ඒ අනුව විනය ගරුක සමාජයක් තම බලයට පත් වූ පසු බිහි කරන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.