News Line| Off Air
Generic placeholder image

Nov
8

ක්‍රිකට් තරඟ පාවාදෙන්නන්ට නව පනත යටතේ දැඩි දඩුවම්

935 Views


ක්‍රිකට් තරඟ පාවාදෙන්නන්ට නව පනත යටතේ දැඩි දඩුවම්

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත මඟින් තරඟ පාවාදීම්, තරග පාවාදීමට අනුබල දීම වැනි තොරතුරු වසන් කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා.

ඊයේ (07) දිනයේ යම් ප්‍රමාදයක් මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අතපසු වූ බව පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම පනත සභා සම්මත කර නීතියක් බවට පත් කිරීමට අනුමැතිය හිමිව ඇති අතර මෙය ලංකාවේ පමණක් නොව ආසියාවේ ද පළමුවරට ඉදිරිපත් කරනු ලබන පනතක් බව සදහන්.

ක්‍රීඩාවට යම් පාවා දීමක් කරනු ලැබු හෝ නීති විරෝධි ඔට්ටු ඇල්ලීමක් වැලැක්වීම සඳහා මහාධිකරණයක නඩු විභාගයකින් පසුව, සම්පූර්ණයෙන්ම චෝදනාවේ වැරදිකරු බවට පත් වුවහොත් මිලියන 100 දක්වා දඩයක් හා වසර 10ක සිරදඩුවමකට ලක්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post