UBS සහ PwC විසින් කරන ලද වාර්තාවකට අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් පසුගිය වසරේ තරමක් පසුබෑමකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. භූ – දේශපාලනික නොසන්සුන්තාවය සහ කොටස් වෙළදපොල අස්ථාවර විම නිසා මෙලෙස ප‍්‍රකෝටිපතියන්ගේ ධනය අඩු වී ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙම කෝටිපතියන්ගේ ධනය ගෝලීය වශයෙන් බිලියන 388 කින් සහ ට්‍රිලියන 8.539 කින් පහත වැටී ඇති බව සදහන්. එමෙන්ම චීනය තියුණු පහත වැටීමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.
මෙම වාර්තා වලට අනුව ඇමසන් නිර්මාතෘ Jeff Bezos ඩොලර් බිලියන 53 ක පාඩුවක් ලබා තිබෙනවා. එමෙන්ම face book නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියන 23 ක් පාඩු ලබා ඇති බව සදහන්.