නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති සිව්වන 20/20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 76ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 241ක් ලබාගෙන තිබෙනවා.
එම ඉනිමේදී තම ඉහළම 20/20 ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඩාවිඩ් මලන් සහ නායක ඉයන් මෝගන් සමත් වුණා.
ඒ අනුව මලන් පන්දු 51 තුළ නොදැවී ලකුණු 103ක් රැස් කළ අතර මෝගන් පන්දු 41 ක් තුළ ලකුණු 91 ලබා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 165ක් පමණයි.