News Line| Off Air
Generic placeholder image

Nov
8

13 වනදා දූවිලි වලාවේ බලපෑම වැඩිවෙයි

1965 Views


13 වනදා දූවිලි වලාවේ බලපෑම වැඩිවෙයි

මේ දිනවල පවතින කලාපීය වායු දූෂණ තත්ත්වයෙන් කොළඹ නගරය ඇතුළු මෙරටට ඇති වූ අනපේක්ෂිත වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය 100% කින් ඉහළ ගිය අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 150 දක්වා ඉක්ම ගිය බවත්, මේ වනවිට එම අගය 60% දක්වා පහත බැස ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියා.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැමිණි සුළං ධාරාවත් සමඟ මෙම දූවිලි අංශු පැමිණ ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඉන්දියාවේ සිට හමා එන දූවිලි වලාවේ බලපෑමේ යම් අඩුවීමක් සිදුවූවද, මේ මස 13 වැනිදා වෙද්දී යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග සඳහන් කළා.

නමුත්, මෙම අනපේක්ෂිත වායු දූෂක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බවද මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

මෙවැනි වායු දූෂණ තත්ත්වයකදී ශ්වසන රෝගීන්, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින් ආරක්ෂා විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post