News Line| Off Air
Generic placeholder image

Nov
8

T 10 තරගාවලියට යන්න ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් රැසකට අවස්ථාව

488 Views


T 10 තරගාවලියට යන්න ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් රැසකට අවස්ථාව

ඩුබායි T 10 තරගාවලිය මේ මස 14 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ඩුබායි සයිඩ් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන අතර එම තරගාවලිය 03 වන වරටයි මෙලෙස සංවිධනය වී තිබෙන්නේ.

ඒ අනුව මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබෙන අතර එයින් කිහිපදෙනෙකු නවක ක්‍රීඩකයින් වෙනවා. මෙම තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව තිබෙන අතර ප්‍රභාත් ජයසුරිය, ලසිත් මාලිංග දසුන් චානක ඇරබියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ට්ම් අබුඩාබ් නිරෝෂන් දික්වැල්ල නියෝජනය කරයි.ඩකෑන් ගැලඩියටස් හා කර්ණාටක ටස්කර්ස් යන කණඩායම් පිලිවෙලින් භානුක රාජපක්ෂ, මලින්ද පුෂපකුමාර නියෝජනය කරනවා.

එමෙන්ම වොරියන්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප් ද දිල්ලි බුල්ස් කණඩායම ඇන්ජෙලෝ මැතිව්ස් දුෂ්‍යන්ත චමීර, කුසල් පෙරේරා එක් වෙනවා. කෙවින් කොත්තිකොඩ නවක ක්‍රීඩකයන්ද මේ සදහා තෝරාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post