News Line| Off Air
Generic placeholder image

Nov
12

ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

913 Views


ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

මෙහිදී ජනාධිපතිවරයා පසුගිය වසර 5ක කාලයක් තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව කණගාටුව පළ කළ ඇති අතර ඒ සම්බන්ධ කරුණු ජනතාවට ලබන නොවැම්බර් 18 වැනිදා හෙළි කරන බව එම නිවේදනයේ සදහන්.

කෙසේ නමුත් ජනාධිපතිවරයා පිළිබඳව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති කුමන පාර්ශවයක් විසින් හෝ මැතිවරණ අවසාන දින කිහිපය තුළ ප්‍රචාරය කිරීම පිළිබඳව දැඩි කණගාටුව පළ කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post