News Line| Off Air
Generic placeholder image

Nov
12

සුනඛයින් තිස් දෙදෙනෙකුගේ අධි ආරක්ෂාව යටතේ සිටි හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට

3060 Views


සුනඛයින් තිස් දෙදෙනෙකුගේ අධි ආරක්ෂාව යටතේ සිටි හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට

කඩුවෙල, හෝකන්දර ප්‍රදේශයේ සුවිසල් නිවසක සුනඛයින් තිස් දෙදෙනෙකුගේ අධි ආරක්ෂාව යටතේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු දැනට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාරයේ පසුවන බව එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

පසුගියදා සැකකරු රැදී සිටි නිවස වැටලීමට ලක්කළ අතර එහිදී එම නිවසට යාමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූයේ විදෙස් රටවලින් පුහුණුව ලත් සුනඛයින්ගේ ආරක්ෂාව යටතේ රැදී සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දැඩි පරිශ්‍රමයක් යොදා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් නිවසට ඇතුළු වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම සුනඛයින් වායු සමීකරණය කළ කාමරවල සුඛෝපභෝගී ලෙස ඇති දැඩි කර ඇති බව වැටලීමට එක් වූ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවසේ සිට තවත් කිහිප දෙනෙකුගේ සහයෝගය සහිතව හෙරොයින් ජාවාරම සිදුකර ඇති බව අනාවරණ වුණා.


News Articles
Latest Videos
Most Popular Post