දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
මේ හේතුවෙන් නාවික ප්‍රජාව සහ ධිවර ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.