News Line| Off Air
Generic placeholder image

Nov
14

උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් වෙයි

744 Views


උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් වෙයි

ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන වේලාව පෙරවරු 6.15 ලෙස සංශෝධනය කර තිබෙනවා.

සංශෝධිත කාල සටහනට අනුව එම දුම්රිය සවස 3 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වනු ඇති.

පස්වරු 2 යි 15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලූ කුමාරි දුම්රිය සංශෝධිත කාල සටහනට අනුව ගමන් ආරම්භ කරන්නේ පස්වරු 1 යි 35ට බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post