News Line| Off Air
Generic placeholder image

Nov
15

අද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට සියල්ල සුදානම්

480 Views


අද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට සියල්ල  සුදානම්

2019 ජනාධිපතිවරණයට අදාල ජන්ද පෙට්ටි ජන්ද මධ්‍යස්ථාන වෙත අද උදෑසන කාලයේ සිට නියමිත ජන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

ඒ අනුව ජන්ද මධ්‍යස්ථාන 12.845 ක් වෙත මෙලෙස ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට නියමිතයි. එමෙන්ම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමෙන් පසු පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සදහා වූ පෙරහුරුවක්ද සිදු කෙරෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඡන්ද මධ්‍යස්ථාන සදහාද විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post