ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ ප්‍රධාන බස් නැවතුමේ සිට අද අතිරේක බස් රථ 1500 ක් ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ දිවයිනම ආවරණය වන පරිදි මෙම විශේෂ බස් රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සහ නිල ඡන්ද පෙටිටි ප්‍රවාහනයට අද බස් රථ 1366 ක් මුදා හරින බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.