2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී.
මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර ඇත.
ජනාධිපතිවරයා පොළොන්නරුව ශ්‍රි විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය භාවිත කර ඇත.
මීට අමතරව දුමින්ද දිසනායක මන්ත්‍රිවරයා අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේදී, පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේදී, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කොළඹ මහාමාත්‍ය විද්‍යාලයේදී, උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා බත්තරමුල්ල ජයන්තිපුර බෞද්ධ මන්දිරයේදී ඡන්දය භාවිතා කර ඇත.