News Line| Off Air
Generic placeholder image

Nov
16

ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක – කැෆේ

605 Views


ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක – කැෆේ

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ අසන්න වශයෙන් 40% ක ප්‍රමානයක් මේ වනවිට ඡන්දය භාවිත කර ඇති  වාර්තා වන බවයි.

අද (16) දිනයේ මේ වනවිට සිදුවීම් 54 ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය ප්‍රචාරණ සිදුවීම් බව ඒ මහතා පෙන්වා දෙයි.

අද දිනයේ තන්තිරිමලේ ප්‍රදේශයේ දී කුරුණෑගල ඩිපෝවට අයත් අංක  wp NA 4972 දරණ බස් රථයකට ප්‍රහාර එල්ලවීමක් පිළිබඳ වාර්තා වන බවත් මේ නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ජනතාව බියට පත්වී ඇති බවත් වාර්තා වන්නේ යැයි  ඇය පැවසීය. මීට අමතරව  එම මාර්ගයේ ගස් කපා දමා මාර්ගය අවහිර කිරීමක් ද සිදුව තිබේ.

තවද දැරණියගල නූරිවත්ත ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ පොදුජන පෙරමුණ යන පක්ෂවල ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලත් දෙදෙනෙක් මේ වනවිට කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මීට අමතරව  නිති විරෝධි ‍ දැන්වීම් ප්‍රචාරණ සිදුවීම්, ඡන්ද සළකුණු ඇතුළත් කුඩා කාඩ්පත් විසුරුවා හැරීම් ආදී සිදුවීම් හැරුණු කොට බරපතල අකාරයේ සිදුවීම් කිසිවක්  මේ වනතෙක් වාර්තා වී නැති බවත් ඇය පෙන්වා දුන්නාය.

කැෆේ සංවිධානය විසින්  මැතිවරණ දින නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 2200ක් පමණ දිවයින පුරා යොදවා ඇති අතර මැතිවරණ සමය සහ පශ්චාත් මැතිවවරණ සමය තුළ නිරීක්ෂණ කටයුතු මෙහෙයවීමට කැෆේ සංවිධානය සූදානමින් සිටියි.


News Articles
Latest Videos
Most Popular Post