News Line| Off Air
Generic placeholder image

Nov
16

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

770 Views


ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වුණා.

ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්.

ඡන්ද විමසීම නිමවීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට නියමිතයි.

මේ අතර, පස්වරු 4.30 පමණ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80% ඉක්මවා ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමද 75% ක අගයක් ගන්නා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.

මාතර 72% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, යාපනයෙන් 65% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, කිලිනොච්චිය, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමද 70% ඉක්මවා ඇති දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කියා සිටියා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 82% ක් පමණ වන බව තේරීම් භාර නිලධාරී එන්.ඒ.ඒ.පුෂ්පකුමාර සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post