මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.
යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ, ඡන්ද මධ්‍යස්ථාන 43ක් හා යාපනය දිස්ත්‍රික්කය තුළ සමස්ථ ඡන්ද මධ්‍යස්ථාන 626ක් පිහිටා තිබේ.
එමෙන්ම ඡන්ද දායකයින් 564,714 අද දිනයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් බල ප්‍රදේශ බොහෝ ඈතින් පිහිටා ඇති බවත් අප වාර්තාකරු පවසයි.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත බෝට්ටු මඟින් යෑමට ඇති බවත් එයට අවශ්‍ය කටයුතු නාවික හමුදාව විසින් සපයා දී ඇතැයි ද අප වාර්තාකරු සඳහන් කළේය.
ඉතාමත් හොඳ ආරක්ෂාවක් යාපනය දිස්ත්‍රික්කයේ ඇති අතර, ජංගම පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවත් ජනතාව මේ වන විට ඉතා උනන්දුවෙන් තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇඳී එන බවත් අප වාර්තාකරු පවසයි.