නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වු යහපත් අංග වෙනුවෙන් සහය පල කිරීමට සුදානම් බව ජාතික ජනතා ව්‍යාපාරය යටතේ ජනාධිපතිධූරය සදහා තරග වැදි මහේෂ් සේනානායක මහතා සදහන් කළා.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් සුභ පතන බවද ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් තමා ඇතුලු කණ්ඩායම ඉටුකිරීමට අපේක්ෂිත සේවාවන් නොපිරිහෙලා ඉටු කරන බවද අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.