News Line| Off Air
Generic placeholder image

Nov
19

නීති විරෝධි මත් පැන් බෝතල් අනූවක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

690 Views


නීති විරෝධි මත් පැන්  බෝතල් අනූවක් සමග  පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධි ආකාරයෙන් මත් පැන් අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත් පැන් බෝතල් අනූවක් වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

වැලිමඩ පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත කැප්පෙටිපොල අත්කම් නිවාස ප්‍රදේශයේ සිදුකළ නිවෙස් පරික්ෂාවකදී ඉතා සූක්ෂම ලෙස නිවෙස් දෙකක සගවා තිබීයදී මෙම මත් පැන් බෝතල් 90 සොයා ගෙන ඇති බව සදහන්.

මැතිවරණය පැවති කාලයේ අලෙවි කිරීම සඳහා මෙලෙස මත්පැන් බෝතල් රැගෙනවිත් ගබඩා කර තබන්නට ඇති බව පොලීසිය සැක පළ කරන අතර අත්අඩංගුවට ගත් මත් පැන් බෝතල්වල වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂයකට අධික බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිමඩ පොලීසිය මගින් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post