News Line| Off Air
Generic placeholder image

Nov
19

ප්‍රංශයේ එල්ලෙන පාලමක් කඩාවැටෙයි

472 Views


ප්‍රංශයේ එල්ලෙන පාලමක් කඩාවැටෙයි

ප්‍රංශයේ ටුලූස් නගරයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා.

මෙලෙස කඩාවැටී ඇත්තේ දකුණුදිග ප්‍රංශයේ ටුලූස් නගරයේ ගංගාවකට ඉහළින් ඉදිකර තිබූ එල්ලෙන පාලමක් බව සදහන්.

අනතුර සිදුවන අවස්ථාවේ පාලම මතින් වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබු බව විදෙස් වාර්තා සඳහන් කළා.

අනතුරින් පහළොස්හැවිරිදි දැරියක් සහ ලොරි රථ රියදුරෙක් මියගොස් ඇති අතර හදිසි සේවකයන් 60 කට වැඩි පිරිසක් අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මීටර් 155 ක් දිගකින් යුත් මීටර් 7ක් පළලැති මෙම පාලම 2003 වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය කඩාවැටීමට හේතුව තවමත් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post