News Line| Off Air
Generic placeholder image

Nov
20

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 9 දක්වා ජල සැපයුම අත්හිටුවයි

453 Views


ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 9 දක්වා ජල සැපයුම අත්හිටුවයි

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිද වැටීමක් හේතුවෙන් අද රාත්‍රි 9 දක්වා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

එමෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ගනේමුල්ල, රතුපස්වල, ඉහළ යාගොඩ, පහළ යාගොඩ, ඇඹරලූව සහ වැලිවේරිය යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post