පළිගු 3000 කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන නිර්මාණය කළ නත්තල් ගසක් පිළිබද පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වනවා.
ළඟ ලඟම එළඹෙන නත්තල් සමය වෙනුවෙන් ලොව වටා වෙසෙන කතෝලික ප්‍රජාව මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.
ඒ වෙනුවෙන් නිර්මාණය කළ අපූරු නත්තල් ගස පිළිබද පුවත වාර්තා වන්නේ ඩෙන්මාර්කයේ කොපන්හේගන් අගනුවරින්.
ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් නිර්මාණය කළ මෙම නත්තල් ගස පසුගිය සතිඅන්තයේදී මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරුණු අතර ඩෙන්මාර්ක් වාර්තා පෙන්වා දෙන්නේ නත්තල් ගසට අපූරු දිස්නක් ගෙනෙන මේ පළිගු මුදලින් අමෙරිකානු ඩොලර් 146,000කට වඩා වටිනාකමින් වැඩි බවයි.
මෙම නත්තල් ගස නිර්මාණය සදහා නිර්මාණකරුවන් තිදෙනෙකුට දින දහයක කාලයක් ගතවී තිබෙනවා.
දෙසතියක කාලයක් තිස්සේ විදුලි බුබුලු මිලියනයක් යොදා කළ මෙම නිර්මාණය ඉතාමත් අලංකාර ආකාරයෙන් දිස්වන බව විදෙස් වාර්තා පවසනවා.
ස්වොරොස්කි පළිගු යොදා ඩෙන්මාර්කයේ නිර්මාණය කළ පළමු නත්තල් ගස මෙය වන අතර, ලබන වසරේ ජනවාරි මාසය දක්වා එය මහජන ප්‍රදර්ශනය සදහා තැබෙනු ඇති.