News Line| Off Air
Generic placeholder image

Nov
20

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතාවක්

676 Views


ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතාවක්

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ලබන මාසය ආරම්භයේදී පැවැත්වීමට නියමිත ඇල්ජීරියානු ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වුණේ ඇල්ජීරියස් අගනුවරදීයි.

ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කළා.

ජනපතිවරණයට එරෙහි විරෝධතා මේ මාසය පුරාවට පැවැත්වුණු අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා.

විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ එම පිරිස නිදහස් කළ යුතු බවටයි.

ඇල්ජීරියාවේ ක්‍රියාත්මක පාලන ක්‍රමය හා ධූරාවලිය වෙනස් කරමින් රට නිසි මගකට ගෙන එන ලෙස බලකරමින් විරෝධතා ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි මාසයේ සිටයි.

එමෙන්ම රාජ්‍ය පාලනය හමුදා හස්තයෙන් මුදවාගන්නා ලෙසත් ජනතාව රජයෙන් ඉල්ලා සිටින බව සදහන්.

එරට හිටපු ජනාධිපති ඇබ්දෙලාසිස් බුටෆියේකා පසුගිය අප්‍රේල් මාසයේදී ධුරයෙන් ඉල්ලා අස්වූයේ පැවැති විරෝධතාවල කූටප්‍රාප්තිය සනිටුහන් කරමින්.

කෙසේ නමුත් ඇල්ජීරියානු විරෝධතා තවමත් අවසන් වී නොමැති වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post