News Line| Off Air
Generic placeholder image

Nov
21

කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

781 Views


කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්වුණා.

එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම කාදිනල් හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ගෙන ඇති මූලික පියවරයන් අගය කර සිටියා.

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට මේ වන තෙක් සාධාරණයක් ඉටු නොවු බවත් සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන අය පිළිබඳ විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවත් කාදිනල් හිමියන් එහිදී ප්‍රකාශ කළා.

මේ පිළිබඳ විමර්ශනයට ස්වාධීන කමිටුවක් පත්කර ඉක්මනින්ම විමර්ශන කටයුතු සිදු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසුවා.

එමෙන්ම තමා දැනටමත් මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටියදී තිබුණු වැඩපිළිවෙළ නැවතත් වහාම ආරම්භ කිරීමට නව ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post