කොළඹ ආනන්ද විද්‍යාලයේ 133 වන සංවත්සර සැමරුම වෙනුවෙන් බුදු දහමේ චිරස්ථිතිය සදහා අනුපමේය සේවාවක් ඉටු කොට මෙරට ඉතිහාසයේ අමරණීයත්වයට පත් වූ ආනන්දයේ පුරෝගාමීන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන හෙන්රි ස්ටීල් ඕල්කට් දෙසුම මෙවර 2019. 11. 23 වන දින ආනන්ද විද්‍යාලිය කුලරත්න ශාලාවේදී පැවැත්විමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ” නීතියේ පාලනය තුලින් සමාජ සාධාරණත්වය ළගා කර ගැනීම ” යන මාතෘකාව යටතේ මෙවර එම දේශනය පැවැත්වෙන්නේ ආනන්දීයෙකු වන ඕස්ට්‍රලියාවේ කීර්තිමත් නීති විශාරදයෙකු වන නිතිඥ මෛත්‍රී පනාගොඩ මහතා විසින්ය.
මෙම දේශනය සදහා පැමිණෙන ලෙස විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් ඇතුළු සියලු දෙනාට සංවිධායක මණ්ඩලය විසින් ආරධනා කර සිටිනවා.