News Line| Off Air
Generic placeholder image

Nov
22

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

461 Views


කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2019 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වනු ලැබූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද(22) නිකුත් කළ අතර එම ප්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි අතර මෙම විභාගය 2019 මැයි 28 දින ආරම්භ වූ අතර, එය 2019 ඔක්තෝම්බර් 08 දින දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍ර යටතේ පරිගණක ආශ්‍රිතව (Online) පැවැත්වුණා.

විභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී තිබෙනවා. මීට පෙර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් දැනුම් දුන් පරිදි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මෙම මස 29 වන දින නිකුත් කිරීමට නියමිතව තිබුණද, එම ආයතනය මගින් එම දිනට පෙර ඉහත ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා රජය හා කොරියානු රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පවත්වනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post