News Line| Off Air
Generic placeholder image

Nov
22

සජිත්ගේ ජයග්‍රාහණය අඩපණ කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රනිල් කියයි

504 Views


සජිත්ගේ ජයග්‍රාහණය අඩපණ කළ බවට  එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රනිල් කියයි

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටි අතර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු හිටපු අගමැතිවරයා, ඒ අනුව අනෙක් පක්ෂවල කැමැත්ත මත ජනාධිපතිවරණයට ගිය බවත් පැවසුවා.

මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවුවක් බවද සඳහන් කළා.

තම ප්‍රධාන මැති ඇමතිවරුන් සියලු දෙනා ජනාධිපතිවරණය වෙනුවෙන්, විවිධ වැඩකටයුතු බාර ගත් බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා තමා බාර ගනු ලැබුවේ උතුරු නැගෙනිහර ඡන්ද ප්‍රමාණය වැඩි කිරීම බවත් එම ඡන්ද ප්‍රතිශතය වැඩි කිරිමට හැකියාව ලැබුණ බවත් පැවසු අතර නමුත් අවාසනාවකට දකුණේ ඡන්ද ප්‍රමාණය අඩු වු බවත් කියා සිටි ඒ මහතා, එය මෙම පරාජයට හේතුවු බවත් කියා සිටියා.

සිංහල, බෞද්ධ ඡන්ද පදනම නොමැති වීම, මීට පෙර පක්ෂයට සිදුව නොමැති වී නැතැයි කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතු බවයි පවසන්නේ.
පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයින් ඉදිරිපත් කිරිමට ඉඩ තැබිය යුතු බවත්, ඔවුන්ට නව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, එයින් දිනන නායකත්වයක් ඇති කිරීමට ඇති බවත් කියා සිටියා.

බෞද්ධයෙක් ලෙස කළ යුතුව ඇත්තේ, වැරද්දක් සිදුවු විට එය ඇඟිල්ල දික් කිරිමට නොව එය වටහා ගැනීම කළ යුතු බවත් බෞද්ධයන් ලෙස ඒ නිවැරදි ප්‍රතිපත්ති වටහා ගැනීම තුළින් ඉදිරියට ගමන් කිරීමට ඉඩ ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ඒ ගැන අවධානය යොමු කරමින් සංඝ රතනයේ, ආශිර්වාදය ද ලබා ගනිමින් නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස ඉදිරියට යා යුතු බවත් එතෙම හිටපු අගමැතිවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post