News Line| Off Air
Generic placeholder image

Nov
22

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

590 Views


අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

අමෙරිකානු තානාපතිනිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම අවස්ථාව අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද සහභාගී වී ඇති බව සදහන්.

මේ අතර මෙරට ජපාන තානාපති සුගියාමා අකිරා මහතා එම තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post