News Line| Off Air
Generic placeholder image

Nov
22

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා දිනයේ ජල කප්පාදුවක්

919 Views


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා දිනයේ ජල කප්පාදුවක්

කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කටුනායක – සීදුව, ජාඇල නගර සභාව, වත්තල – මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයටයි.

එමෙන්ම, ජාඇල සහ වත්තල ප්‍රාදේශීය සභාවලට අයත් වැලිසර, කෙරවළපිටිය, දික් ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, පොල්ගහහේන, ජයශ්‍රීගම සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post