News Line| Off Air
Generic placeholder image

Nov
23

වාහන තදබදය අවම කිරීම සදහා ආරක්ෂක ලේකම්ගෙන් පොලීසියට උපදෙස්

1885 Views


වාහන තදබදය අවම කිරීම සදහා ආරක්ෂක ලේකම්ගෙන් පොලීසියට උපදෙස්

කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින වාහන තදබදය අවම කිරීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

රථවාහන පොලිස් නිලධාරීන් ගේ රාජකාරී අවශ්‍යතා සඳහා යතුරුපැදි ලබාදීමට සහ වාහන තදබදය අධිකව පවතින තදාසන්න නගර ආශ්‍රිතව රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමට මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සදහන්.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට හොද මාසික වේතනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

මාර්ග නීති කඩකරන රියදුරන් සම්බන්ධයෙන් නිසි පරිදි නිතිය ක්‍රියාත්මක කිරිමේදී ඒ සඳහා පොලිස් නිලධාරීන්ට වරප්‍රසාධ ලැබෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති බව වාර්තා වනවා.

විනයගරුක රටක් බිහිකිරීමේ අරමුණින් සිදුකර ගෙන යන වැඩපිළිවලේදී මාර්ග විනයද වැඩිදියුණු විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටියා.

වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදී මේ බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post