2019 ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් තරග වදින රූමතියන් සියලු දෙනා එංගලන්තයේ ලන්ඩන් අගනුවරට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවට පසුගිය වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි මෙක්සිකෝ රූමතිය ද එක්ව සිටියා.
2019 ලෝක රූ රැජිණ උළෙල එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ලන්ඩනයේ පැවැත්වීමට නියමිතයි.
ලන්ඩනයේ හදවත බඳු ටවර් පාලම ඉදිරිපිටදී ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිට ඇති අතර ලොව පුරා රටවල් 120ක් නියෝජනය කරමින් තරගකරුවන් මෙවර තරගයට ඉදිරිපත් වී සිටිනවා.
මෙවර තරගයේදී එක්සත් ජනපදය නියෝජනය කරන තරගකාරිනී එමී කිවුලියර් (Eම්ම්ය් Cඋවෙලීර්) පවසන්නේ මෙම තරඟය නූතන ලෝකයට තවමත් අදාළ බවයි.
පසුගිය වසරේ ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් මෙක්සිකෝවේ වැනේසා පොන්ස් මේ වසරේ තරගකරුවන්ට උපදෙස් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ඉකුත් දෙවසර තුළ ලෝක රූ රැජින තරගයට සත්කාරක අනුග්‍රහය දැක්වුවේ චීනයයි.
කෙසේ වෙතත් මෙවර එම තරගය එහි ආරම්භය සිදුවූ එක්සත් රාජධානියේ පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ විශ්ව රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි.
1951 වර්ෂයේදී ඇරඹි මෙම තරඟය,ලොව පැරණිතම රූ රැජිණ තරඟයද වනවා.
සාම්ප්‍රදානුකූලව, ලෝක රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුළයි.
ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 4 න් එකක් ලෙසද ලෝක රූ රැජිණ තරඟය නම් දරනවා.