දිවයිනේ බොහෝ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.