News Line| Off Air
Generic placeholder image

Nov
25

සීතල වෙලාවට බොන්න හිතෙන කෝපි කෝප්පයෙන් ලැබෙන වාසි ගැන ඔබ දන්නව ද?

1196 Views


සීතල වෙලාවට බොන්න හිතෙන කෝපි කෝප්පයෙන් ලැබෙන වාසි ගැන ඔබ දන්නව ද?

සීතල වෙලාවක කෝපි එකක් බොන්න අපි හැම කෙනෙක්ම කැමතියි. කෝපි කියන්නේ කවුරුත් පි‍්‍රය කරන රසවත් පානයක් කියලා හදුවන්න පුළුවන්. ඒ වගේම කෝපි පානයෙන් ලැබෙන වාසිත් බොහොමයක් තියෙනවා.

කෝපි වල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වනවා. ඒ වගේම කෝපි වල කාබනික සංයෝගයන් මෙන්ම vitamin B, riboflavin, pantothenic පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේනුත් අඩංගුයි. කෝපි මඟින් හෘදය නීරෝගී කරන අතර 2 වන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවධානම ද අඩු කරනවා. මානසික නීරෝගීභාවයට ද කෝපි හොඳ ඔසුවක්. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත විස්තර බලන්න.

01. සිහින් සිරුරක් ලබා ගැනීම

කුසගින්න පාලනය කිරීමට කෝපිවලට හැකියාව තියෙනවා. ඒ වගේම බඩවැල්වල සීනි ප්‍රමාණය උරා ගැනීම, සිරුරේ මේදය වේගයෙන් දහනය කිරීමටත් කෝපි ආධාර වන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

02. සමේ පිළිකා ඇතිවීම පාලනය කිරීම

කෝපිවල අඩංගු ප්‍රතිඔක්සිකාරකවලට සම මත ඇති වෙන පිළිකා පාලනය කිරීමේ හැකියාවක් තිබෙන බව පැවසෙනවා.

03. ඇල්සයිමර් රෝගය ඇති වීමේ අවදානම අඩු කිරීම

ඇල්සයිමර් රෝගය ඇති වීමේ අවදානම 20%න් කෝපි පානයෙන් අඩු කිරීමට හැකියාව තියනවා. මොළයේ ඇතිවන ප්‍රදාහ වැළැක්වීමට කෝපිවල අඩංගු කැෆේන් සහ අනෙකුත් රසායන ආධාර වන බව සදහන්.

04. නිරෝගී හෘදයක්

හෘදයට ඉතා ගුණදායී වනවා. දෛනිකව කෝපි පානය කිරීම මඟින් හෘදය ආශ්‍රිත බොහෝ රෝග වලින් මිදීමට අවස්ථාව සැලසෙන බව පැවසෙනවා.

05. අක්මාව රැකදීම

කෝපි වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරකයන් මඟින් ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ප්‍රදාහයන් වළක්වනවා. දෛනිකව කෝපි පානය කිරීම මගින් සිරෝසිස් හා non alcoholic fatty liver වැනි තත්වයන්ගෙන් වැළකීමට හැකියාව ලැබෙනවා.

06. මාංශ පේශි උත්තේජනය කිරීම

මාංසපේශි උත්තේජනය කර සවිමත්ව පවත්වා ගැනීමට උපකාර කරන්න කෝපි වලට පුළුවන්.එහෙත් කෝපිවල කැෆේන් ශරීරය විඩාබර කරන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා දිනකට කෝපි කෝප්ප තුනකට වඩා බොන එක සුදුසු නැහැ.

07. දියවැඩියා අවදානම අඩු කිරීම

කෝපි පානය කිරීම නිසා ලැබෙන polyphenol හා chlorogenic අම්ල මඟින් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරනු ලබනවා.

උපුටා ගැනීම – මුහුණු පොතෙන්


News Articles
Latest Videos
Most Popular Post