කොංගෝවේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බළධාරීන් පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ ගමන් කළ මඟින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
මිය ගිය සෙසු පුද්ගලයින් යානය අනතුරට ලක්වී කඩා වැටුණු ස්ථානයේ සිටි පිරිසක් වන බව කොංගෝ බළධාරීන් පවසනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.