News Line| Off Air
Generic placeholder image

Nov
26

බස්නාහිර පළාතේ විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝගයක්

801 Views


බස්නාහිර පළාතේ විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝගයක්

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බව පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ නගරය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි එක් පියවරක් ලෙස මෙම බැනර් සහ කටවුට් ඉවත් කිරීම සිදුකරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post