News Line| Off Air
Generic placeholder image

Nov
26

හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් තිදෙනෙක් ICCයෙන් වන්දි ඉල්ලයි

605 Views


හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් තිදෙනෙක් ICCයෙන් වන්දි ඉල්ලයි

හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් තිදෙනෙක් වන අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ය ක්‍රීඩකයින් පසුගියදා තරග පාවාදීමේ චෝදනාවක් මත මොවුන් සදහා තාවකාලික තරග තහනමක් ICCයෙන් පනවා තිබෙනවා.

කෙසේවෙතත් කී‍්‍රඩකයින් තිදෙනාගේ නීතීඥවරුන් ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ
අදාළ චෝදනාව පිලිබදව ICCයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් විශේෂයෙන්ම මේ පිලිබදව විභාග කිරීමට ICCයට කිසිදු බලයක් නොමැති බවත් මේ තුලින් ඔවුන්ගේ කීර්තිනාමයට සහ රැකියාවට බාධා එල්ල වී ඇති බවයි.

මේ පිලිබදව ඔවුන්ගේ නීතීඥවරුන් වැඩි දුරටත් සදහන් කරමින් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එක් කී‍්‍රඩකයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනය බැගින් වන්දි මුදලක් අයකර දෙන ලෙස ICCයෙන් ඉල්ල්මක් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post