News Line| Off Air
Generic placeholder image

Nov
26

ඉන්දීය නිරීක්ෂක් ත්‍රිකුණාමල වරායට

605 Views


ඉන්දීය නිරීක්ෂක් ත්‍රිකුණාමල වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු වුණා. එහිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලද අතර නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාන්ඩර් බීකේ ප්‍රසාන්ත් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවුණා.

ඒ අනුව පුහුණු සංචාරය නිමා කිරිමෙන් අනතුරුව දෙසැම්බර් 03 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post