News Line| Off Air
Generic placeholder image

Nov
26

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයඳුම්කරුවන්ට දැනුම්දීමක්

570 Views


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයඳුම්කරුවන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ කිරීමට නියමිතයි.

විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇති.

එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් යවා තිබෙනවා.

එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන www.doenets.lk හි මුල් පිටුව සඳහා පිවිස ප්‍රවේශ පත්‍ර අයිකනය (Icon) තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීමෙන් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කළා.

එසේ නොමැති නම් පහත දුරකථන අංක මඟින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකියි.

දුරකථන අංක – 0112 78 42 08 / 0012 78 45 37/ 0113 18 38 50 / 0113 14 03 14

ෆැක්ස් අංකය – 0112 78 44 22


News Articles
Latest Videos
Most Popular Post