ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති මහතා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.
මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වුණා.