නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව සෑම වේලාවේම කටයුතු කරන බවට කිසිවෙකු නොසිතිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
වැරදි දේ වෙනුවෙන් කිසිවිටෙකත් සහයෝගය ලබා නොදෙන බවත් රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන නිවැරදි දේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සුදානම් බවයි පවසන්නේ.