වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් අහෝසි කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.
එමෙන්ම තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද ,ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද, කොටස් වෙළදපොල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ධ, උපයන විට අයකරන ආදායම් බදු, උපයන විට ගෙවන ආදයම් බදු, පොලිය මත අයකරන රැදවුම් බදු සහ ණය සේවා බදු වහාම ක්‍රියාත්මක කෙරෙන පරිදි අහෝසි කර තිබෙනවා.
දෙසැම්බර් මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලූම භාණ්ඩ හා සේවා සදහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට තීරණය කළ බවද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
රුපියල් මිලියනයක්ව පැවති වැට් බද්ද අය කිරීමේ පිරිවැටුම, රුපියල් මිලියන 25 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඉදිකිරිම් ක්ෂත්‍රය සදහා අයකල සියයට 28 ක ආදයම් බද්ද සියයට 14 දක්වා අඩු කර ඇති අතර, විදුලි සංදේශ බද්ද ද, සියයට 25 කින් අඩු කෙරුණා.
එමෙන්ම, විදේශ ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ සම්පුර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
ස්වාධිපත්‍ය දේපල, මහල් නිවාස සදහා අයකල වැට් බද්ද සම්පුර්ණයෙන් අහෝසි කිරීමට තීරණය කළ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියා.
එමෙන්ම, සියලූම ආගමික ස්ථාන බදු වලින් නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක කෙරෙන පරිදි අහෝසි කළ බදු
1) භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද (ණ්ඹ්ඨ්) ,
2) ආර්ථික සේවා ගාස්තු,
3) බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද,
4) කොටස් වෙළදපොල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ධ,
5) උපයන විට අයකරන ආදායම් බදු,
6) උපයන විට ගෙවන ආදයම් බදු,
7) පොලිය මත අයකරන රැදවුම් බදු
8) ණය සේවා බදු
9) ස්වාධිපත්‍ය දේපල, මහල් නිවාස සදහා අයකල වැට් බද්ද
10) සියලූම ආගමික ස්ථාන බදු වලින් නිදහස් කිරීම
සංශෝධනය කළ වැට් බදු
1) දෙසැම්බර් මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලූම භාණ්ඩ හා සේවා සදහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීම
2) රුපියල් මිලියනයක්ව පැවති වැට් බද්ද අය කිරීමේ පිරිවැටුම, රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම.
3) ඉදිකිරිම් ක්ෂත්‍රය සදහා අයකල සියයට 28 ක ආදයම් බද්ද සියයට 14 දක්වා අඩු කිරීම.
4) විදුලි සංදේශ බද්ද ද, සියයට 25 කින් අඩු කිරීම.
5) විදේශ ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ සම්පුර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.