News Line| Off Air
Generic placeholder image

Nov
27

ජනපතිගෙන් තවත් ආදර්ශයක්

439 Views


ජනපතිගෙන් තවත් ආදර්ශයක්

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් කැමැත්ත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තතිබෙන අතර මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එසේ යොමුකරන අභාලාෂ පත්‍රිකා වෘත්තීය වේදීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සලකා බැලීමෙන් පසුව පත්කිරීම් සිදුකීරිමට නියමිතයි.

මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශයන්ගේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අභාලාෂ කැඳවීම් ඉදිරිපත් කළ හැකි බව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ දැන්වීමේ සඳහන් වන අතර එම අභිලාෂ කැඳවීමේ පත්‍රිකා දෙසැම්බර් 18දාට ප්‍රථමව ජනපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාංශය, ජනපති ලේකම් කාර්යාලය, කොළඹ 01 ලිපියනට හෝ sb@presidentoffice.lk යන විද්‍යුත් තැපැල් ලිපියනයට යොමුකරන ලෙසද ජනපති ලේකම් කාර්යාලය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post