News Line| Off Air
Generic placeholder image

Nov
27

මුවෙකුගේ උදරයෙන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය තොගයක්

639 Views


මුවෙකුගේ උදරයෙන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය තොගයක්

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක් තුළ මියගොස් සිටි මුවෙකුගේ උදරයේ තිබී ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7 ක තොගයක් සොයාගෙන තිබෙනවා.

වනෝද්‍යානය තුළ මියගොස් සිටියදී සොයා ගැනුණු එම සත්ත්වයාගේ සිරුර පරීක්ෂා කිරීමේදී උදරය තුළ තිබී ප්ලාස්ටික්, පොලිතින් ඇසුරුම් ඇතුළු අපද්‍රව්‍ය සොයාගත් බව වනෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර ඇති බව සදහන්.

වයස අවුරුදු 10 ක් පමණ වන මුවා දීර්ඝ කාලයක් වනෝද්‍යානය නැරඹීමට එන පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ආහාරයට ගෙන ඇති බව වනෝද්‍යාන බලධාරීන් සදහන් කළ බව විදෙස් වාර්තා පවසනවා.

එමෙන්ම ප්ලාස්ටික් සහ පොලිතින් ඇසුරුම් තායිලන්තයේ බහුලව භාවිත වන අතර එම ඇසුරුම් බිලියන 75 ක් පමණ වාර්ෂිකව භාවිතයෙන් පසු බැහැර කෙරෙන බව පාරිසරික සංවිධාන පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post