News Line| Off Air
Generic placeholder image

Nov
27

හේමසිරි‌ගේ ඇප අයදුම්පත විභාගයට දින නියම වෙයි

471 Views


හේමසිරි‌ගේ ඇප අයදුම්පත විභාගයට දින නියම වෙයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පතක් විභාගයට කොළඹ මහාධිකරණය නියම කළා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම පෙත්සම අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් දෙසැම්බර් මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිරින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ රහස් පොලිසියේ වාණිජ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාට විනිසුරුවරයා විසින් නොතීසි නිකුත් කලා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඇප පෙත්සම දෙසැම්බර් මස 17 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කර ඇති ආතර එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post